(This was broadcast on 08-06-2019 BBC News සිංහල Facebook Page)
🌍 යුරෝපයේ බොහෝ තැන්වල දැන් ගංජා අලෙවියට තහනමක් නැහැ. නමුත් ගංජා වෙනත් රටකින් ගෙන්වා ගැනීම තහනම්. යුරෝපයට එන ගංජා වලින් 70% ක් එන්නේ මොරොක්කෝවෙන්. මොරොක්කෝවේ ගංජා වැවීම නීතියෙන් තහනම්. නමුත් ආණ්ඩුවත් පිළිගන්නවා පවුල් එක් ලක්ෂ පනස්දහසකට වඩා මේ වගාවෙන් යැපෙන බව. කලාපයේ ගංජා ගොවීන්ගෙන් 25% ක් පමණ නීතියේ රැහැනට හසු වෙනවා. පළාත් පාලන ආයතනවලට ගෙවීම් කරන්න වෙනවා කියල බොහෝ ගොවීන් කියනවා. නීතියෙන් ගැලවී යාමට නම් බලධාරීන්ට අල්ලස් දෙන්න වෙනවා. යුරෝපයෙන් ඉල්ලුම වැඩි වන තරමට මොරොක්කෝවේ පෙනුමත් වෙනස් වෙනවා. දැන් මහා පරිමාණයේ ආයෝජකයින් පැමිණ තවත් පලාත්වල වවනවා. මේ ආයෝජකයන් යුරෝපීය ජාතිකයෝ. මොරොක්කෝවේ දේශපාලකයන්ගෙන් ඔවුන්ට උදව් තියෙනවා. අනෙක් හැම අපරාධයක් වගේම මේකත් නීති විරෝධියි. මේකට සම්බන්ධ ඕනෑම කෙනෙකුට දඩුවම් දෙනවා. නමුත් ගංජා වගාව තවමත් එළිපිට සිදුවෙනවා.
(මෙය 2019-06-08 BBC News සිංහල Facebook පිටුව ඔස්සේ විකාශනය වූවකි)
⛔ Subscribe NOW to Kansa TV Sri Lanka and click the 🔔 icon for latest videos : https://www.youtube.com/channel/UCs9MoLVT2NmkBJaITDg7NsQ/featured
#KansaTvSrilanka
#CannabisCultivation
#Morocco
#Amsterdam
#Europe
#CannabisNews
#KansaTv